ජනවාරි 10වෙනිදා දක්වා දීර්ඝ වූ කාලය..
Friday, 20 December 2024 - 13:27 | Views - 515
සහල් ආනයනය සදහා පෞද්ගලික අංශයට ලබා දී තිබූ කාලය ලබන මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම කාලය අවසන් වීමට තිබුණේ අද (20) දිනයේදීයි.
රට තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස පසුගිය 04 වනදා සිට සහල් ආනයනයට අවසර ලබා දුන්නා.
ඒ අනුව, ඊයේ(19) පස්වරුව වන විට ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 35,000 ක් පමණ රේගුවෙන් නිදහස් කර තිබෙනවා.
Share This Article