ජාත්‍යන්තර යුධ අපරාධකරු 'ටර්මිනේටර්' කොළඹට රිංගලාලු..
Thursday, 19 December 2024 - 8:40 | Views - 240

පලස්තීන සිවිල් වැසියකු ඝාතනය කොට ඔහුගේ සිරුරට අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් වගකිව යුතු බව කියන ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල් ෆෙරන්බුක් නමැත්තා මෙරටට පැමිණ කොළඹ ප්‍රදේශයේ රැඳී සිටින බව බෙල්ජියම පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් චෝදනා කරනවා.

'ද හින්ද් රජබ් පදනම' නැමැති එම රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ, ‘ටර්මිනේටර්’ ලෙස හඳුන්වන ෆෙරන්බුක් නැමැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් නිල වශයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අන්තර්ජාතික අපරාධ අධිකරණය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඔහු අල්ලා ගැනීම සඳහා අන්තර්ජාතික රතු නිවේදනයක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිසියට දන්වා ඇති බව ද හින්ද් රජබ් පදනම සිය නිල වෙබ් අඩවිය හරහා පෙන්වා දෙනවා.

එමෙන්ම එම පදනම වැඩිදුරටත් පවසන්නේ, ෆෙරන්බුක් නැමැති පුද්ගලයා කුමන අන්දමේ කෘරතර අයෙක් ද යන්න අදාළ පලස්තීන වැසියා ඝාතනය කොට ඒ ගැන සිනාසෙමින් පුරසාරම් දොඩන අයුරු සහ මියගිය පුද්ගලයා යුද කුසලානයක් ලෙස සලකන බවත් පවසන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ මගින් නිරූපණය වන බවයි.

ඒ අනුව ෆෙරන්බුක් නැමැත්තා, මියගිය පුද්ගලයාගේ ගෞරවය නොසලකා හැරීමෙන් අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කර ඇති බව පවසන ද හින්ද් රජබ් පදනම පවසන්නේ, ෆෙරන්බුක් නැමැත්තා ශ්‍රී ලංකාවේ සිටීම ඔහුට වගවීම සඳහා තීරණාත්මක අවස්ථාවක් සපයන බවයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්, අන්තර්ජාතික අපරාධ අධිකරණය සහ ජාත්‍යන්තර පොලිසිය යුක්තිය සහතික කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු බව පවසන ද හින්ද් රජබ් පදනම සඳහන් කරන්නේ එවැනි කුරිරුකම් සඳහා දණ්ඩමුක්තිය නොඉවසන බවයි.

ද හින්ද් රජබ් පදනම විසින් අනාවරණය කරන ලද මෙම කරුණ සම්බන්ධයෙන් හිරු නිවුස් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, මෙවැනි ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දිය යුතු බවයි.

කෙසේ නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් විදේශ කටයුතු අමාත්‍යංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු නිවුස් වෙත පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top