කෙහෙළියගේ කෝටි 02ක තැන්පතු ගිණුම් 02ක් අත්හිටුවයි
Wednesday, 18 December 2024 - 14:44 | Views - 242

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අයත් රුපියල් කෝටි 02ක පමණ මුදලක් පවතින ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

අද සිට සතියක කාලයක් සඳහා මීට අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ ඔහු සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළවයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමට අපේක්ෂා කරන බවයි අල්ලස් කොමිසම කියා සිටියේ.

මීට පෙර මෙම විමර්ශනයට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිද ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් තහනම් කිරීමට එම කොමිසම පියවර ගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top