විපක්ෂ නායක සජිත්ගේ සුදුසුකම් එළියට..
Wednesday, 18 December 2024 - 14:27 | Views - 390
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවේ දී සභාවට ඉදිරිපත් කළා.

එහි දී විපක්ෂ නායකවරයා සඳාහන් කළේ, තමා සිය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කොන්වට් එකේ බවත්, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ බවත්, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ බවත්, තමන් මෙරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී නොසිටි බවත් පැවසුවා.

අනතුරුව තමා එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ බවත්, 1983 - 1984 කාලසීමාව තුළ එරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට A සාමාර්ථ 2ක්, B සාමාර්ථ 2ක්, සහ C සාමාර්ථ 3ක් සමග එම විභාගය සමත් වූ බවත් එහි ප්‍රතිපල ලේඛණ පෙන්වමින් සඳහන් කළා.

මේ අතර එක්තරා ගුරුවරයෙකු තමාගේ ප්‍රතිපල යැයි සඳහන් කරමින් W9ක ව්‍යාජ ප්‍රතිපලයක් නිකුත් කර ඇති බවත් සඳහන් කළා.

තව ද උසස් පෙළ හා සමාන Upper 6th පන්තියේ දී දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා මිල්හිල් විද්‍යාලයේ School Prize එකත් ලබා ගත් බව පැවසුවා.

එසේ ම උසස්පෙළ විභාගය සඳහා B සාමාර්ථ 2ක් C සාමාර්ථයක් ලබා ගනිමින් සමත් වූ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව London School of Economics and political science වෙත ඇතුල් වී 1991 වසරේ දී උපාධිය නිම කළ බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

පසුව අමෙරිකාවේ University of Maryland collage park වෙත ඇතුලත්ව මහජන කළමණාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට සම්බන්ධ වූ බවත් නමුත් තම පියාගේ අභාවයෙන් පසු එහි සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමට සිදු වූ බවත් සඳහන් කළා.

මේ අතර 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිය ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ,ඊයේ දිනයේ දී සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ විමසීමට පිළිතුරු වශයෙන්.

මීට අමතරව තමා මෙලෙස ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ ඒවා බවට යමෙකු ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්, විපක්ෂ නායක ධුරයෙන් සහ දේශපාලනයෙන් ද ඉවත් වීමට සූදානම් බව පැවසුවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top