'' ඔප්පු කරන්න - මම මන්ත්‍රීධුරයෙන් ඉවත් වෙන්න සූදානම් '' නාමල් රාජපක්ෂ (Video)
Wednesday, 18 December 2024 - 12:02 | Views - 214

තමන් නීති විභාගට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ, අද පාර්ලිමේන්තුවේදී වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

මෙම අපහාසය එල්ල වන්නේ නාමල් රාජපක්ෂට නොව සමස්ත නීති පද්ධතියට බවත් එම නිසාවෙන්, වහාම මේ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස‍යි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී අධිකරණ අමාත්‍යවරයාට ද සැල කළේ.

එසේම, තමන් තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා යැයි ඔප්පු වුවහොත් තමන් මන්ත්‍රීකමෙන් ඉවත් වෙන බවත් එය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් වසන්ත සමරසිංහ ද අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන්කර සිටියේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top