නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
Wednesday, 18 December 2024 - 9:47 | Views - 172
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිකරගත් මොහොමඩ් නිසාම් කාරියප්පර් අද (18) රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදී යි.
මේ අතර, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබූ ෆයිසර් මුස්තාෆා මන්ත්‍රී ධුරයේ ඊයේ දිවුරුම් දෙනු ලැබුවා.
අනතුරුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නියෝජනය කරමින් පාලිමේන්තුවට තේරී පත්වූ සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සහ මනෝ ගනේෂන් එකී මන්ත්රීධුරවල ද ඊයේ දිවුරුම් දුන්නා.
Share This Article