ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වල පොලී අනුපාත ගැන විශේෂ ආරංචියක්
Tuesday, 17 December 2024 - 16:04 | Views - 417
ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් අනු ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසුවා.. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්..
ඒ ගැන මුදල් අමාත්‍යංශයේ සැලකිල්ල යොමු වනු ඇතැයිද බිමල් රත්නායක සඳහන් කළා.
ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී මුදල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මේ බව සඳහන් කළා.
එහිදී ගයන්ත කරුණාතිලක පැවසුවේ ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහක් වැඩිපුර දෙන බවට සඳහන්ව තිබෙන බවයි..
Share This Article