'' විදුලි ගාස්තු 10%ත් 20%ත් අතර පහළ දාන්න පුළුවන් '' කොමිසම කියයි
Tuesday, 17 December 2024 - 14:08 | Views - 167

විදුලි ගාස්තු සියයට 10ත් 20ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට අද සිට අවස්ථාව ලබාදී තිබෙනවා.

වසරකට සිව්වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව මේ වසරේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු සංශෝධනය කෙරුණා.

ඒ මාර්තු මාසයේ සියයට 21.9ක් ලෙස හා ජූලි මාසයේ සියයට 22.5ක් ලෙසයි.

මෙම වසරේ සිදු කළ යුතු තුන්වැනි විදුලි ගාස්තු සංශෝධනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනා ඉකුත් ඔක්තෝබර් මස අගදී මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණා.

එමගින් විදුලි ගාස්තුව 6%ත් 11%ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව එම යෝජනාවලිය පිලිගත්තේ නැහැ.

එම යෝජනාවලියට පාදක කර ගත් ක්‍රමවේදය සම්බන්ධ දෝෂ කිහිපයක් ඇති අතර, පවතින තත්ත්වය අනුව ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ හැකි බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ.

එවන් පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලයේ නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉකුත් 6 වැනිදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ නමුත් මින් පෙර දක්වා තිබූ විදුලි ගාස්තු අඩු කිරීම එම යෝජනාවලියෙන් ඉවත් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය එමගින් දක්වා ඇත්තේ පවතින විදුලි ගාස්තුව, සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6ක කාලය සඳහා ද පවත්වාගෙන යා යුතු බවයි.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ පවතින තත්ත්වය යටතේ විදුලි ගාස්තුව සියයට 10ත් 20ත් අතර පරාසයකින් පහළ දැමීමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට ජනතාවට අද සිට අවස්ථාව ලබාදී තිබෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top