නව කථානායකගේ විශේෂ ප්‍රකාශය..
Tuesday, 17 December 2024 - 12:33 | Views - 418

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර තිබෙනවා.

ඒ අද(17) පාර්ලිමේන්තුවේදී නව කතානායකවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා..

'' මා කතානායක ධුරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම සුභපැතුම් එක්කළ සැමට මගේ ස්තුතිය පළ කර සිටිනවා.

ජනතා අභිලාෂ හා අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කිව යුතුයි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන ස්ථාවර නියෝග වල විවිධාන මෙන්ම පූර්වගාමී කතානායකවරුන්ගේ තීන්දු හා සම්ප්‍රදායන් පරිචයන් වලට අනුගත වෙමින් පොදු ජන යහපත සඳහා ව්‍යවස්ථාදායකයේ භාරදූර වගකීම් සමුදාය ඉටු කිරීම සඳහා කථානායකවරයා ලෙස ස්වාධීනව මෙන්ම අපක්ෂපාතී ලෙස අභියෝගාත්මක භූමිකාවක් ඉටුකිරීමට මා වෙත පැවරී තිබෙනවා.

එම කාර්යයන් ඉටු කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බව කිව යුතුයි. අන්‍යෝන්‍යය අවබෝධයෙන් තොරව මහජන අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මා මේ උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයන් ලෙස ඔබ සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවෙමි.

මේ පාර්ලිමේන්තුව කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා ඔබ සැමගේ සහාය ඉල්ලමි. ''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top