රු. 50000ක් සෑම නිවසකටම දෙන කථාවේ ඇත්ත , නැත්ත මෙන්න
Tuesday, 17 December 2024 - 10:26 | Views - 629
ජනාධිපති ප්‍රදානය යන මාතෘකාව යටතේ රුපියල් 50000ක දීමනාවක් සෑම නිවසකට ලබා දෙන බවට සඳහන් කරමින් පුවතක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වනවා.
කෙසේ වෙතත්, එම පුවත අසත්‍ය එකක් බව යි , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම, වැඩිදුර තොරතුරු ලබා ගන්නා ලෙස දන්වමින් එම ප්‍රවෘත්තිය සමඟ ව්‍යාජ සම්බන්ධතාවක්ද (link) සඳහන් කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
තවද, මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රජය මෙවැනි වැඩසටහනක් සම්බන්ධ තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජනරතාවට හා ජනමාධ්‍ය වෙත එම තීරණය දැනුම් දීම රජයේ ක්‍රමවේදය බවත් එම නිවේදනයේ සඳහන්.
එසේම, මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළකිරීමෙන් වළකින ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, පදනමකින් තොර අසත්‍ය ප්‍රවෘත්ති පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
Share This Article