කැල්සියම් ඌනතාවය ඇත්දැයි, හරියටම දැනගන්න
Friday, 13 December 2024 - 11:36 | Views - 490
කැල්සියම් අනිවාර්යයෙන්ම ශරීරයේ තිබිය යුතු අත්‍යාවශ්‍ය ඛණිජ පෝෂකයක්...

හෝමෝන ස්‍රාවයවීම පාලනය කිරීම, රුධිර පීඩනය ස්ථාවර කිරීම මෙන්ම ස්නායු සංඥා ක්‍රමවත්ව මෙහෙයවීම ආදී ක්‍රියාකාරීත්වයන් නිසි පරීදි සිදුවීමට කැල්සියම් අවශ්‍යතාවය අනිවාර්ය වෙනවා.. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කැල්සියම් නොලැබුණොත් කැල්සියම් ඌනතාවය හටගැනීම වැළැක්විය නොහැකියි... මේ එවැනි රෝග තත්ත්වයකදී සිරුරෙන් අපව දැනුවත් කරන ආකාර කිහිපයක් ගැනයි..

තෙහෙට්ටුව
පූර්ණ කායික යහපැවැත්මටකි ප්‍රබලව බලපෑම් කිරීම කැල්සියම් ඌනතාවයේ ලක්ෂණයක්. අධීක උදාසීනතාවයක් අධික තෙහෙට්ටුවක් අප්‍රාණිකබවක් මන්දගාමී ගතියක් දැනෙනවානම් ඔබ ශක්තිජනක පාන ලබා ගැනීම නොව පෝෂ්‍යදායක ආහාර වේලක් ගැනීම සිදු කල යුත්තකි. මක් නිසාද යත් පෝෂණ ගුණයෙන් අනූන ආහාර වේලක් ගැනීම මෙවැනි අවස්ථාවක අනිවාර්ය දෙයක් නිසාවෙනි. එය ඔබේ සෞඛ්‍ය ගැටළුවට අනිවාරය වූ දෙයකි.

සම වියළීම
කැල්සීයම් ඌනතාවය හයිපොකැල්සීමීයාව ලෙසද හඳුන්වන අතර මේ තත්ත්වය නිසාවෙන් සම අධිකව වියළීම, කොරළ මතුවීම දැකිය හැකියි. එක්සීමා හා සෝරෛයසිස් පොකුරු පැල්ලම් එනම් දද පණු කැවිලි තත්ත්වය හා සුදු කොරළ සහිත රතු පොකුරු පැල්ලම් මතුවන චර්ම රොග තත්ත්වයක් ලෙස පර්යේෂණකරුවන් සොයා ගෙන ඇත. සමේ සෛල අසාමාන්‍ය වේගයකින් වර්ධනය වීම වැනි රෝග ඇති කිරීම සඳහා කැල්සියම් බෙහෙවින් බලපෑම් කරයි.

අනිද්‍රාව – ඉන්සොම්නියා
අප නින්දේ පසුවන විට කැල්සියම් මට්ටම ඉහළ පහළ යාම සිදුවන අතර ගැඔුරු නින්දේදී එය වඩාත් ඉහළ යයි. නමුත් ප්‍රමාණවත් තරම් කැල්සියම් ප්‍රමාණයක් ශරීරයේ නැතිනම් ඔබට සැනිසිලිදායක නින්දක් ලබා ගත නොහැක. එයට හේතුව කැල්සියම් හිඟකම බව මතක තබා ගත යුතුය. අපගේ නින්ද ඇති කරන හෝමෝනය නිපදවීමට කැල්සියම් ප්‍රධාන වශයෙන් දායකත්වය සැලසිය යුතුය. කැල්සියම් අඩු වන විට මෙලටොනින් නිෂ්පාදනයට බාධා ඇතිවේ.

විෂාදය
වර්තමානයේ බොහෝ දෙනෙක්ට පවතින මෙම රෝගය සඳහාද කැල්සියම් බලපායි. මනෝභාවය නිසි පරිදි පවත්වාගෙන යාමට පාලනය වීමට කැල්සියම් අත්‍යාවශ්‍ය සාධකයක්. කෙනෙක්ව සැහැල්ලු කරන්න, සන්සුන් කරන්න කැල්සියම් කියන සංඝටකයට පුළුවන්. එනම් වේදනානාශකයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කැල්සියම් සිරුරට අඩුවෙන් ලැබෙන තරමට මානසික අවපීඩනය, අවපාතනය මෙන්ම මනස වියවුල් වීම නැවැත්විය නොහැකි වේ.

පැරස්තිසියා
සමේ ඇතිවන අසාමාන්‍ය සංවේදනා තත්ත්වයක් වේ. එනම් බරපතල කැල්සියම් ඌනතාවයක් නිසා හටගන්නා කැල්සියම් ඌනතාවයකි. කට අවට, අතේ, පාද වල ඇඟිලි වල කටු අනින්නාක් මෙන් දැනීම, හිරිවැටුණු ගතිය, මාංශ පේෂි කම්පනය ඇති වීම, ස්පර්ශය සම්බන්ධව දුර්වලතාවයන් මෙන්ම මතක ශක්තිය දුර්වල වීමට ද දෘෂ්ඨිමායාවන් පෙනීමටද මෙය බලපායි.

නියපොතු පළුදු විම
අස්ථි නිරෝගිතාවයට මෙන්ම නියපොතු වල ශක්තිමත් බවටත් කැල්සියම් අවශ්‍ය වනවා. නියපොතු වියළීම, කැඩී යාම, දුර්වල වීම, පළුදු වීම මේ කැල්සියම් අඩු භාවයෙන් ඔබේ නියපොතු ආශ්‍රිතව පෙන්වන ලක්ෂණයන්. සුළු බලපෑමකින් වුවද නියපොතු කැඩී යාම නිසා ඒවා දැඩි පරිහානියට ලක්විය හැකියි.

තිරන්තර රෝගවීම්
කැල්සියම් අස්ථි වලට පමණක් නොව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද වැදගත් වනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගිව ශක්ති සම්පන්නව තිබෙන තාක් කල් අපිට නිරෝගිව සිටිය හැකියි. නමුත් කැල්සියම් ඌනතාවයක් පැමිණියහොත් සිරුරේ විසබීජ වලට විරුද්ධව සටන් කිරීමට අපට නොහැකි වනු ඇත. ඒ නිසාවෙන් කැස්ස හෙම්බිරිසාව වැනි රෝග මෙන් ම නිරන්තරයෙන්ම වීවිධ රෝග වලට ගොදුරු වනු ඇත.

දත් කැක්කුම්
අස්ථි වල සහ දත් වල වැඩි කැල්සියම් ප්‍රමාණයක් එක්රැස්ව ඇත. ඒ නිසා කැල්සියම් ඌනතාවයක් පැමිණි විගස පළමුව අපහසුතාවට ලක් වන්නේ අස්ථි සහ දත්ය. ඔබේ දත් දෙපළ කහ පැහැ වීමටත් දත් දිරා යාමටත් දත් කැක්කුම් හට ගැනීමටත් අනිවාර්යයෙන්ම බලපායි.

ගිලීමේ අපහසුතා
ගිලීමේ අපහසුතා ඇතිවීම ද කැල්සියම් ඌනතා නිසාවෙන් පැමිණෙන්නකි. උගුරේ මාංශ පේෂි වල දුර්වල සංකෝචනය වීම නිසා උගුරේ තදබවක් ඇතිවේ. මෙම තත්ත්වය බරපතළ අතට හැරුණොත් ස්වාරාලය ගැස්මට ලක්වීම මෙන්ම කඩහඩ අසාමාන්‍ය තත්ත්වයට පත්වේ.

මස්පිඩු පෙරළීම් ඇතිවීම
රාත්‍රී කාලයේ කලවා, බත් කෙණ්ඩ, අත්යට සහ බාහු වන මස් පිඩු පෙරළීම් ඇතිවීම මෙහි පූර්ව ලක්ෂණයි. එහා මෙහා ඇවිදින විට මස් පිඩු වේදනා දීමට පටන් ගන්නා අතර එමඟින් පීඩාකාරී තත්ත්වයක් මතුවේ. කාලයක් මෙය පැවතියහොත් මාංශ පේෂීන් ගැස්ම හෙවත් ස්පැස්ම් වැනි බරපතල තත්ත්වයකට පත්විය හැක.

කැල්සියම් ශරීරයට ලබා ගත් හැකි ආහාර

මේ සඳහා වැඩිහිටි පුද්ගලයෙක් දිනකට කැල්සියම් 1000mg පරි‌භෝජනය කල යුතුය.

කොළ පැහැති එළවළු
පළා වර්ග
මේද සහිත මාළු (සැමන්, සාඩින්)
චීස්
එළකිරි
සෝයා බෝංචි
ආමන්ඩ් ඇට
තල ඇට
විටමින් D පෝෂණය
බිත්තර කහ මද

අන්තර්ජාලය ඇසුරින්... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top