සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්රි ධූර නම් කරයි
Thursday, 12 December 2024 - 14:45 | Views - 163
සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්රි ධූර 04 සඳහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරු වන දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් , සුජීව සේනසිංහ සහ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ්ගේ නම් මෙලෙස යොමු කර ඇති බව සඳහන්.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්රි ධූර 05 ක් හිමිවූ අතර, එක් ධූරයක් සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පත් කෙරුණා.
Share This Article