දුර්ලභ ගණයේ පිරමීඩ මැණිකක් පස්සරින්
Thursday, 12 December 2024 - 14:07 | Views - 432
දුර්ලභ ගණයේ පිරමීඩ හැඩයෙන් යුත් කපා ඔප දමා නොමැති නිල් මැණිකක් මීගමුව ප්රදේශයේ මැණික් ව්යාපාරිකයෙකුට හමුවී තිබෙනවා.මෙය දුර්ලභ ගණයෙන් ඉහළම නිල් මැණිකක් බවයි එම මැණික හිමි පුද්ගලයා පවසන්නේ.මෙම මැණිකේ බර කැරට් 17.42ක් වන අතර, එහි වටිනාකම මෙතෙක් තහවුරු කර නොමැත.මෙම මැණික හමුවී ඇත්තේ, බදුල්ල පස්සර ප්රදේශයේ පතලකින් වන බවද මැණික් ව්යාපාරිකයා සඳහන් කරනවා. ඔහු වසර විස්සක් පමණ මැණික් සම්බන්ධ වෘත්තියේ යෙදී සිටින බවද සඳහන්.මෙම මැණිකට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකයද, Ceylon gemmological services ආයතනයේ සහතිකයද ලබාදී තිබෙනවා.

Share This Article