අධිවේගයේ අනතුරින් , අක්කා නගෝ නොයෙන්නම යයි , මවත් පියාත් දැඩි සත්කාරයේ..
Thursday, 12 December 2024 - 11:17 | Views - 451

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්න දූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් දස හැවිරිදි දැරියක මරු මුවට පත්වූ පුවත අද (12) උදෑසනම අසන්නට ලැබුණා.

එසේ මියගොස් ඇති දැරිය මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 10ක් වයසැති සෙනුදි දම්සරා නැමැත්තිය බවටද වාර්තා වුණා.

සිදු වූ අනතුරින් මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කල බවද සඳහන් වුණු අතර, එසේ ඇතුළු කළ වැඩිමහල් දියණිය ද , මේ වන විට මියගොස් ඇති බවට වාර්තා වනවා.

ඇය නමින් , උබේසිංහ ආරච්චිගේ සදීෂා වන අතර, ඇයගේ වයස අවුරුදු 12වන බවටයි සඳහන් වන්නේ.

එසේම , මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් බවත්, පියා විදුලි බල මණ්ඩලයේ උසස් නිළයක් දරන තැනැත්තෙක් බවත් වාර්තා වනවා.

අනතුරින් මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන, පසුව ඔවුන් මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී , මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරට මුහුණ පෑ අනෙක් ලොරිය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබියදී ,එම දිශාවටම ධාවනය වෙමින් තිබූ මෙම පිරිස රැගත් මෝටර් රථය ලොරියේ පිටුපස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.



No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top