මිල උඩ ගිය ආනයනික පොල්තෙල්..
Thursday, 12 December 2024 - 10:46 | Views - 209
පොල් මිල ඉහළයාම හමුවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයද ඇණහිට තිබෙනවා.

තවමත් වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවිවන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකටයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් සඳහන් කළේ, වෙළෙඳපොළේ පවතින මිලට පොල් ගෙඩියක් මිලට ගෙන පොල් තෙල් නිෂ්පාදනය කිරීමෙන් ලාභයක් ලැබිය නොහැකි බවයි.

මේ හේතුවෙන් ආනයනික පොල්තෙල් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක සහල් මිල සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

මෝල්හිමියන්ට රුපියල් 100ක් වැනි අඩු මිලකට ලබාදුන් වී, සහල් බවට පත්කර අධික මිල ගණන් යටතේ විකිණීම අසාධාරණ බවයි නාමල්ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කළේ.

මේ අතර, මහා පරිමාණ වී මෝල්හිමියන් පවසන ආකාරයට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය නොකළ යුතු බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික ජනතාවද චෝදනා කළේ, සතොසෙහි සහල් සහ පොල් ප්‍රමාණවත් පරිදි නොමැති බවටයි.

මේ අතර, කැනඩාවට සහල් අපනයනය කරන මුවාවෙන් ඒවායේ කල් ඉකුත්වීමේ දින වෙනස් කර නැවත ඇසුරුම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරු මත වටලනු ලැබුවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අදාළ වැටලීම සිදු කළේ බිංගිරිය - බෝවත්ත ප්‍රදේශයේ නිවසකදීයි.

පොළොන්නරුවේ මහා පරිමාන සහල් නිෂ්පාදකයෙකුගේ කිලෝ පහේ කීරි සම්බා සහල් උර තොග වශයෙන් රැස්කරගෙන බිංගිරිය - බෝවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ කිසියම් ජාවාරමක් සිදු වන බවට හිරු සී.අයි.ඒ වෙත පසුගිය දිනක තොරතුරු ලැබී තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top