'රටවිරු දූ දරු' ශිෂ්‍යත්වයට අයදුම් කිරීම ගැන දැනුම්දීමක්..
Thursday, 12 December 2024 - 9:25 | Views - 292


2024 වර්ෂයට අදාළව 'රටවිරු දූ දරු' ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි.


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, මේ සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳ පාසල් මට්ටමින් විගමණික ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

මෙම ශිෂ්‍යත්වය සඳහා www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම, මේ පිළිබද වැඩිදුර විස්තර 0112 365 471 යන දුරකථන මාර්ගය ඔස්සේ හෝ www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සඳහා පමණක් විදේශගතව සිටින ලාංකික දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් වන අතර, එම ශිෂ්‍යත්වයන් කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබනවා.

ඒ අනුව, රුපියල් 25,000 ක් 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටද, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ට මෙන්ම රුපියල් 40,000ක් උසස් පෙළ විභාගය සමත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සඳහා සුදුසුකම් ලබා ඇති දරුවන් හට පිරිනැමීමක් සිදුකරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top