පවතින ගාස්තුව තියනවා ට කැමති ද? ලබන 17 සිට අදහස් ගන්නයි යන්නේ..
Wednesday, 11 December 2024 - 15:06 | Views - 280

2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සදහා ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබද මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා සභාව නිවේදනය කරනවා.ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සහ ඒ පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලය කල සමාලෝචනයෙන් අනතුරුව සකස් කල ප්රතියෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමට මෙම මහජන උපදේශනයේදී අවස්ථාව ලැබෙන බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 (ආ) වගන්තිය, 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය සහ විදුලි ගාස්තු ක්‍රමවේදයට (මිල සුත්‍රය) අනුකූලව මෙම මහජන උපදේශනය පැවත්වෙන අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වසරේ මුල් මාස 6 සදහා ඉදිරිපත් කර ඇති සංශෝධනයෙන් පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාව මෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිර්දේශ (ප්‍රතියෝජනාව) පිළිබද මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකියි.ඒ සඳහා මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ජනවාරි 8 වැනි දිනට පෙර [email protected] විද්‍යුත් ලිපිනයට හෝ 076 427 1030 යන වට්ස්ඇප් අංකයෙන් හෝ www.facebook.com/pucsl යන ෆේස්බුක් පිටුව හරහා හෝ, නැතහොත් 'විදුලිගාස්තු පිළිබද මහජන උපදේශනය', ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ, කොළඹ 3 යන ලිපිනය ඔස්සේ ඔස්සේ ඉදිරිපත් කල හැකියි.මේ අතර විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලිබල කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමට පහසුකම් සැළසීම සදහා සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශනය පැවත්වෙන බව දැනුම් දෙන එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, පළාත් මට්ටමින් පැවත්වෙන මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් සැසි පහත පරිදි පැවත්වෙන බවයි.1 මධ්‍යම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, මහනුවර 2024 දෙසැම්බර් 272 ඌව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, මොනරාගල 2024 දෙසැම්බර් 303 සබරගමුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, රත්නපුර 2025 ජනවාරි 34 දකුණු පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, මාතර 2025 ජනවාරි 45 වයඹ පළාත වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාව, කුරුණෑගල 2025 ජනවාරි 46 උතුරු මැද පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, අනුරාධපුර 2025 ජනවාරි 57 උතුරු පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, යාපනය 2025 ජනවාරි 68 නැගෙනහිර පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, අම්පාර 2025 ජනවාරි 89 බස්නාහිර පළාත බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, කොළඹ 2025 ජනවාරි 10ඒ අනුව ඉහත මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් සදහා සහභාගි වීම සදහා ලියාපදිංචි වීමට පහත දුරකතන අංක හරහා අමතන්න ලෙස ද මහජන උපයෝගිතා කොමිසම දන්වා සිටිනවා.මධ්‍යම, උතුර, නැගෙනහිර පළාත් මහජන උපදේශන 077 039 9119වයඹ, උතුරු මැද, බස්නාහිර පළාත් මහජන උපදේශන 076 427 1030දකුණ, සබරගමුව, ඌව පළාත් මහජන උපදේශන 076 322 4610මීට අමතරව වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ජයනාත් හේරත් 077 294 3193 අමතන ලෙස එම කොමිෂන් සභාව මහජනයාගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article