හඳුනා නොගත් උණ රෝගයෙන් , මියයන පිරිස ඉහළට..
Wednesday, 11 December 2024 - 11:51 | Views - 343
හදිසි උණ රෝගයක් හේතුවෙන්, යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් 4 දෙනෙකු දින දෙකක් තුළ මියගොස් තිබෙනවා. යාපනය රෝහල් අධ්යක්ෂ ටී. සත්‍යමූර්ති කියා සිටියේ, මේ සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වන යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, 32 හැවිරිදි නාවට්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ 28 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම අනෙක් පුද්ගලයා යාපනය - වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන්, මොවුන් රෝහල්ගත කර තිබුණා.
මේ වන විට ඔවුන්ගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙන අතර, වෛද්‍යවරු සැකකරන්නේ මෙය මී උණ හෝ වෙනත් වෛරස් තත්ත්වයක් විය හැකි බවට යි.
Share This Article