හංගගෙන ඉන්න ඕනෑ දේවල් පෙන්නන්න හිතෙන , මේක ලෙඩක් ද ?
Wednesday, 11 December 2024 - 11:18 | Views - 312

මම යමුනා මම විවාහයෙන් වෙන් වුණු කෙනෙක්. මම විවාහය නිසා මානසිකව හා කායිකව පීඩා වින්ද කෙනෙක්.

මට දැනගන්න ඕන මගේ සැමියා මට දුන්න පීඩනයට හේතුව මොකක් ද කියලා? එයා ලෙඩෙ ක් ද කියලා ?

මම විවාහ වෙලා හිටිය සැමියට වයස අවුරුදු 35යි. මට අවුරුදු 32යි. ඔහු නිතරම වගේ වයසින් වැඩි කාන්තාවන්ට ඇලුම් කරනවා. වැඩිහිටි කාන්තාවන් පාරේ යන වෙලාවට එයා මූත්‍ර කරන විදියට ඔවුන්ට ලි..ය ප්‍රදර්ශනය කරනවා. ගමේ ගොඩක් අය මට මේ ගැන කියලා තියෙනවා.
මම මේ කාලයේ ගොඩක් පීඩනයකින් හිටියේ. මෙයා වල් මිනිහෙක්, වනචරයෙක්, කියලා ගමේ අය බණිනවා. එයා ගුටිත් කාලා ඇති. ඒත් එයා හැදුණේ නැහැ. ඉතිං මට තේරෙන්නේ නැහැ මෙයා මෙහෙම කරන්නේ ඇයි කියලා.

ඇය පවසන අයුරින් ඔහුට ඇත්තේ ලිංගිකත්වය හා බැඳුණු මානසික රෝගී තත්ත්වයයි. මෙය ප්‍රදර්ශනකාමීත්වය ලෙසද හඳුන්වනවා.

ශරීරයේ විවිධ අවයව සිය කැමැත්තෙන් ප්‍රදර්ශනයකොට ලිංගික තෘප්තියක් ලැබීම හෝ අන් අයගේ ශරීරයේ යම් යම් අවයව නරඹා ඉන් ලිංගික තෘප්තියක් ලැබීම මෙම රෝගයේ ලක්ෂණයක්.

ලි..ය ප්‍රදර්ශනය කරන හැමෝම ලෙඩ්ඩු ද?

මෙය මානසික රෝගයක් වශයෙන් ගැනෙන්නේ මාස 06කට වඩා කාලයක් මෙය එම පුද්ගලයා තුළ පැවැතීමයි.
මෙම හැසිරීම සමාජයට මෙන්ම එම පුද්ගලයාට ද පීඩාකාරීනම්,
යන ලක්ෂණ තිබෙනවා නම් මෙය ලිංගිකත්වය හා බැඳුණු මානසික රෝගයක් වශයෙන් ගැනෙනවා.
මේ අයට දඬුවම් කිරීමෙන්, ඔවුන්ට දැනෙන්නේ නැහැ ඇයි දඬුවම් කළේ කියලා. ඔවුන් නැවත නැවත එය සිදු කිරීමට පෙලඹෙනවා.

ප්‍රතිකාර තිබෙනවා ද?

තමන්ම තේරුම් ගෙන මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වන අය ඉන්නවා. ඉතිං මේ සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම මනෝ ප්‍රතිකාර තිබෙනවා.
ඔබට සමාජයේදී මෙවැනි පුද්ගලයින් හමුවුවහොත් ඔවුන්ව විවේචනය කරමින් දඬුවම් නොකර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට කාරුණික වන්න.

- උපුටා ගැනීමකි..

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top