අදානි , සුළඟෙන් විදුලිය ගන්න දැනටම ටිකක් ගෙවලා
Wednesday, 11 December 2024 - 9:35 | Views - 231
අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව ද පදනම් කර ගනිමින් බවයි සඳහන් වන්නේ.
එසේම, අදාළ සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කමිටුව අංශ කිහිපයක් ඔස්සේ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484 ක් වනවා.
ඒ සඳහා, මේ වනවිටත් අදානි සමාගම යම් ආයෝජනයක් කර ඇති බව ද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.
Share This Article