62 , 63 වෙයි ? වෛද්‍යවරුන්ට තවත් අවුරුද්දක්
Tuesday, 10 December 2024 - 14:29 | Views - 331
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවත්, ඉදිරි සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බවත් අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර සඳහන් කළා.
ඒ අනුව, දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කරනු ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article