ජගත් මානව හිමිකම් දිනය - අදයි
Tuesday, 10 December 2024 - 10:31 | Views - 176

76වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබෙනවා. "අපගේ අයිතිවාසිකම්, අපේ අනාගතය, දැන්" මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාවයි.

ලෝකයේ සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය හා සමානාත්මතාවය තහවුරු කිරීමේ අරමුණිනුයි මෙම දිනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 වසරේදී මානව හිමිකම් දිනය නිල වශයෙන් පිළිගැනීම සිදු කළා.

ඒ මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තියත් සමඟයි.

මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තිය මෙතෙක් මානව වර්ගයා නිර්මාණය කර ගත් විශිෂ්ඨතම ලේඛනයක් ලෙසයි සැළකෙන්නේ. සෑම මිනිසෙකුටම ජාති, ආගම්, භාෂා, දේශපාලනික ආදී කිසිදු වෙනසකින් තොරව සමව මානව හිමිකම් ආරක්ෂා කර දීම මානව හිමිකම් පිළිබද විශ්වීය ප්‍රඥප්තියෙන් සිදු වෙනවා.

සියලු ජනතාවට උපතින්ම මුලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. එසේම, ලොවපුරා මානව හිමිකම් ගැටලු පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණු වී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස 1955 වසරේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගෙන තිබෙනවා.

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මඟින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකතනය කළ හැකියි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top