උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සීමා
Tuesday, 10 December 2024 - 9:59 | Views - 164

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබෙනවා.

කපිල චන්ද්‍රසේනට එයාර්බස් ගුවන් යානා මිලට ගැනීම සඳහා අල්ලස් ගත් බවට සහ උදයංග වීරතුංගට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවටයි අමෙරිකාව චෝදනා එල්ල කර ඇත්තේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 7031(c) වගන්තිය යටතේ මොවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් යන දෙපාර්ශවයේම නම් ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව, ඔවුන් පිළිබඳව අමෙරිකාව සඳහන් කර තිබුනේ මේ ආකාරයෙන්,

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන,

7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව කපිල චන්ද්‍රසේන සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම් කරනවා. චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාව එයාර්බස් ගුවන් යානා වෙළෙඳපොළ වටිනාකමට වඩා මිල දී ගැනීම සහතික කිරීම සඳහා අල්ලසක් ලබාගෙන තිබෙනවා. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම් කරනු ලැබුවා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග,

7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම් කරනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත යෝජනා ක්‍රමයකින් පුද්ගලිකව ප්‍රතිලාභ ලබා ගෙන තිබෙනවා. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම් කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top