අඩු පීඩන කලාපය ගැන විශේෂ දැනුවත් කිරීමක් ..
Monday, 09 December 2024 - 15:03 | Views - 406
හෙට(10) පස්වරු 02.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින යාත්‍රා සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවට අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවමත් පවතිනු ඇති.
එය බටහිර සිට වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට ද ඉඩ තිබෙනවා.
කෙසේ වෙතත්, එහි බලපෑම යටතේ අද දිනයේදී ඉහළ මුහුදු ප්‍රදේශවල තද වැසි සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ සමඟ පැයට කිලෝමීටර් 60 ක පමණ තාවකාලිකව ඉතා තද සුළං ඇති විය හැකි බවද සඳහන් වනවා.
එසේම, කාලගුණ දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ද දැනුම් දී තිබෙනවා.
Share This Article