ගිනස් පොතට ගිය අපේ මැණික්.. (Video)
Monday, 09 December 2024 - 13:41 | Views - 399
ශ්රී ලාංකිකයෙකු සතු දුර්ලභ වර්ගයේ මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොත් අතරට පසුගියදා එක් වුණා.
ඒ, දැනට ලෝකයෙන් හමු වූ විශාලතම මැණික් ගල් විශේෂ දෙකක් ලෙසින්.
ශ්රී ලාංකිකයෙකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක සඳහා පසුගියදා ගිනස් වාර්තා සහතික පත්ර නිකුත් කර ඇත්තේ ලෝකයේ ඇති විශාලතම බ්ලැක් ස්ටාර් සෆායා සහ ග්රීන් බ්රෙරි කැට්ස් අයි නැමැති මැණික් ගල් දෙක සඳහායි.
එය මේ වනවිට ලෝකයෙන් හමු වූ එම වර්ගයේ විශාලතම හා දීප්තිමත්ම මැණික්ගල් දෙකවන අතර, එම ගල් දෙකේම හිමිකරු ශ්රී ලාංකිකයෙකු වීම විශේෂත්වයක්.
ඒ අනුව, බ්ලැක් ස්ටාර් සෆායා මැණික කැරට් 3,621.35ක බරින් යුක්ත වන අතර, කැට්ස් අයි ග්රීන් බ්රෙරි මැණික කැරට් 854.95ක බරකින් යුක්තයි.
Share This Article