ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක
Monday, 09 December 2024 - 10:48 | Views - 294

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද(09) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 90ත් 180ත් අතර අගයක පැවතිය හැකි බවයි.

යාපනය හා පොළොන්නරුව නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.

දැනට පවතින තත්ත්වය අනුව, නුවරඑළිය, කලුතර හා හම්බන්තොට යන නගරවල පමණක් එය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top