UPdate..
ඉකුත්දා මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද(09) අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ලොහාන් රත්වත්තේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයාට මේ වන විට ඇප ලැබී ඇති බවයි.
ඒ අනුව, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණයේ විනිසුරුවරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
-----------------------------------
බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන පසුගිය 07වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ කොටුව අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
අධිකරණ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව, මත්පැන්වලට අමතරව තවත් මත්ද්‍රව්‍යයක් ඔහුගේ ශරීරගතව ඇති බවටයි පසුගියදා කරුණු අනාවරණය වූයේ.එහිදී මේ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට වාර්තා කළ බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේ.මෙහිදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට මෙන්ම අනතුරට ලක්වූ වාහනයේ ගමන්කළ දෙදෙනාට මරණීය තර්ජනය කළ බවටද අදාළව නඩු දෙකක් සැකකාර ලොහාන් රත්වත්තේ වෙත ගොනුකර ඇති අතර, ඒ අනුවයි ඔහු නමවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ.