මතට ලොල් වූ සැමට , සතුටු හිතෙන ආරංචියක්
Monday, 09 December 2024 - 8:20 | Views - 423

සුරාබදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගෙන මෙරට මත්පැන් නිෂ්පාදකයින් සඳහා ලීටරයේ ප්‍රමාණයෙන් (මිලිලීටර් 1000) මත්පැන් බෝතල් නිෂ්පාදනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.

මීට පෙර මිලිලීටර් 180, මිලිලීටර් 375, මිලිලීටර් 750 ආදී වශයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට මෙරට නිෂ්පාදකයින්ට අනුමැතිය ලැබී තිබූ අතර, තම චක්‍රලේඛ අනුමැතියට අනුව මිලිලීටර් 250, මිලිලීටර් 500, මිලිලීටර් 700 සහ මිලිලීටර් 1000 ලෙස මත්පැන් වීදුරු බෝතල්වල ඇසුරුම් කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිව තිබෙනවා.

එසේම, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික අධිකාරිය, මත්පැන් නිෂ්පාදකයින් ඇතුළු ආයතන කීපයක සහ 12 දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් මේවා නිෂ්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

මත්පැන් නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම අනුමැතිය දී තිබෙන අතර, මෙමගින් මිලිලීටර් 1000 ලෙස වෙළෙඳපොළේ දැනට අලෙවි වන නිසි ප්‍රමිතියකින් තොර බවට චෝදනා එල්ලවී ඇති මත්පැන් අලෙවිය අඩපණ කිරීමට ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top