කොළඹින් පිට අයටත් , සහල් පොල් සතොසින්..
Friday, 06 December 2024 - 10:56 | Views - 378
ලංකා සතොස අලෙවිසැල් හරහා පිට පළාත්වල සිටින පාරිභෝගිකයින්ට අද සිට නාඩු සහල් සහ පොල් මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇති.
එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා පැවසුවේ, ඊයේ(05) දිනයේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි සතොස අලෙවිසැල්වලට සහල් සහ පොල් බෙදාහැරීම සිදු කළ බවයි.
මේ අනුව , වරකට එක් පාරිභෝගිකයෙකුට නාඩු සහල් කිලෝ 05 ක් සහ පොල් ගෙඩි 03 ක් බැගින් ලබා දීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
Share This Article