අද නැවත ඇරඹෙන උසස් පෙළ විභාගය
Wednesday, 04 December 2024 - 6:25 | Views - 209
සැලසුම් කළ පරිදි අද (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට ඊයේ (03) දක්වා දින 06ක කාලයක් උසස් පෙළ විභාගය නොපැවැත්වුණා.
කෙසේවෙතත්, විභාග කාලසටහනේ සඳහන් පරිදි අද දිනයේ සිට විභාග කටයුතු සිදුකෙරෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.
එමෙන්ම, ඔහු පැවසුවේ තවදුරටත් ප්‍රවාහනය සහ මාර්ගවල යම් ගැටලු සහගත තත්ත්වයන් තිබේ නම් එම සියලුම ගැටලු සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
තවද , විභාගයට පැය භාගයකට පෙර පැමිණ සිටින්නැයි සියලුම විභාග අපේක්ෂකයන්ට ඉල්ලීමක් කරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article