අද නැවත ඇරඹෙන උසස් පෙළ විභාගය
Wednesday, 04 December 2024 - 6:25 | Views - 210

සැලසුම් කළ පරිදි අද (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට ඊයේ (03) දක්වා දින 06ක කාලයක් උසස් පෙළ විභාගය නොපැවැත්වුණා.

කෙසේවෙතත්, විභාග කාලසටහනේ සඳහන් පරිදි අද දිනයේ සිට විභාග කටයුතු සිදුකෙරෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.

එමෙන්ම, ඔහු පැවසුවේ තවදුරටත් ප්‍රවාහනය සහ මාර්ගවල යම් ගැටලු සහගත තත්ත්වයන් තිබේ නම් එම සියලුම ගැටලු සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තවද , විභාගයට පැය භාගයකට පෙර පැමිණ සිටින්නැයි සියලුම විභාග අපේක්ෂකයන්ට ඉල්ලීමක් කරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top