"මම ඩඩ්ලි සිරිසේන.. ඉතාම වගකීමෙන් මම කියන්නේ" ඇත්තටම හාල් හිඟයට වග කිව යුත්තේ කවුද..? (Video)
Tuesday, 03 December 2024 - 14:42 | Views - 516

ඇත්තටම හාල් හිඟයට වග කිව යුත්තේ කවුද..? ඒ ගැන ඉතුරුව ඇත්තේ ප්‍රශ්නාර්ථයක්..
කොහොම වුණත්, මෙරට ජනතාවට ලබන වසරේ ජනවාරි පළමුවැනිදාට කිරිබත් කෑමට සුදු කැකුළු සහල් හැකි තරම් වෙළඳපොළ නිකුත් කරන ලෙස, සියලුම වී මෝල් හිමියන්ගෙන් තමන් ඉල්ලා සිටින බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා..
ඔහු මේ බව සඳහන් කලේ ඊයේ (02) රාත්‍රියේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ 'සලකුණ' වැඩසටහනේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්...
එහිදී ඔහු සඳහන් කළේ, මේ වනවිට රටේ ඇති ප්‍රධාන ප්‍රශ්න පළමුවැනි දාට කිරිබත් පිසීම නොවන බවත්, සම්ප්‍රදායානුකූලව රටේ ජනතාව කිරිබත් පිසීම සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බැවින් කෙසේ හෝ ජනතාවගේ එම අපේක්ෂාව ඉටු කරන බවයි..
එමෙන්ම රටතුල මේ වනවිට රතු කැකුළු සහල් සම්පූර්ණයෙන්ම නොමැති බවත් සඳහන් කළ ඩඩ්ලි සිරිසේන, එසේ හිඟයක් ඇති වීමට ප්‍රධාන වශයෙන් පසුගිය රජයේ ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අප්‍රියෙල් සහ මැයි මාසවලදී හාල් කිලෝ 20ක සහනාධාරය ලබාදීම බලපෑ බවයි ඔහු සඳහන් කළේ..
එහිදී ඔහු සඳහන් කළේ, රතු කැකුළු හාල් කිලෝව රුපියල් 190ට මිලදීගෙන සහනාධාර ඔස්සේ බෙදාහැරීම මඟින් මෙරට තුල රතු කැකුළු හාල් හිඟයක් ඇති වූ බවයි..
Share This Article