පාසල් සිසුන්ට ලැබෙන විශේෂ දීමනාව
Tuesday, 03 December 2024 - 13:00 | Views - 247
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබාදුන් බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
කෙසේ වෙතත්, එම දීමනාව ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
Share This Article