ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රී දිවුරුම් දෙයි
Tuesday, 03 December 2024 - 10:38 | Views - 195
අද (03) රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්රීධුරයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ මුහම්මදු සාලි නලීම් පර්ර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ කථානායක ආචාර්ය අශෝක රන්වල ඉදිරිපිටදී යි.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඡන්ද 87,038ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව, ඔවුන් පාර්ලිමේන්තු මන්ත්රීධුර 02ක් හිමිවුණා.
එමෙන්ම, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක විපක්ෂයේ ප්රධාන සංවිධායකවරයා ලෙස පිළිගන්නා බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
Share This Article