හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අදත්..
රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල්, තිරුක්කෝවිල් සහ ලාහුගල යන ප්‍රදේශවල අද(03) ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙරට ජනතාව ආපදා තත්ත්වයකට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම ඔවුන් ළඟින්ම සිට සහෘදයෙකු සේ සරණක් වීමට හිරු එදාමෙදා තුර අමතක කළේ නැහැ.
ශ්‍රී ලංකාව මුහුණ පෑ විවිධ ආපදා තත්ත්වයන් මෙන්ම වසංගත වැනි විවිධ සමාජ පීඩාකාරී තත්ත්වයන්ට අපේම ජනතාව මුහුණ පෑ සෑම අවස්ථාවකදීම අන් සැමට කලින් හිරු පෙනී සිටියේ වරක් දෙවරක් නොවේ.
එම තීරණාත්මක අවස්ථාවන්වලදී හිරු සහන යාත්‍රා දිවයිනේ සතර දෙසට දියත් කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.
පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සරණක් අවැසි ඔබ සොයා පැමිණියේ හිරු එෆ්. එම් හිරු ටීවී ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය මෙරට ජනතාවගේ දුකේදීත් ඔවුන් සමගම සිටින වග මුළු ලොවටම පසක් කරමින්.
අපේම ජනතාවට අවශ්‍ය වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගනිමින් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව පසුගියදා පැලවත්ත හිරු ලයිෆ් ස්ටුඩියෝ ප්‍රධාන කාර්යාලයේ සිට ගමන් ආරම්භ කළා.
ඒ අනුව, අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක අපේම ජනතාව වෙනුවෙන් සහන ලබාදීම ඊයේ දිනය පුරා සිදුකෙරුණා.