ඔබත් ඇස් යට කළු වීම නිසා පීඩා විඳින කෙනෙක්ද...? එහෙනම් මෙන්න ඔබට වැදගත් ලිපියක්
Monday, 15 October 2018 - 9:50 | Views - 7,228
ඕනෑම කෙනෙකුගේ මුහුණේ සුන්දරත්වය වැඩි වෙන්නේ ඇස් වලින්. ඇස් යට කළු වෙලා නැතිනම් රැලි වැටිලා තිබුණොත් අපගේ මුහුණේ තිබෙන සුන්දරත්වය නැතිවෙලා යනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ ඇස් යට කළු වීමේ ගැටළුවට ඔබට පහසුවෙන් කල හැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

01. අර්තාපල්

අර්තාපල් ගෙඩියක් කෑලි කපා බ්ලෙන්ඩර් කර ඒ යුෂ අර ගන්න. රාත්‍රී නින්දට පෙර ඇස් වටා ආලේප කරන්න. උදෑසන සෝදා හරින්න. අර්තාපල් වල ඇති පිෂ්ඨය සහ විටමින් සී සහ පෝෂණ කොටස් ඇස් වටා පෝෂණය කරමින් අඳුරු බව ඉවත් කරන්න උදව් කරනවා.

02. ආමන්ඩ් ඔයිල්

රාත්‍රී නින්දට පෙර අම්න්ඩ් ඔයිල් ස්වල්පයක් අවපැහැ වුනු ඇස් වටා ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. එය මුළු රාත්‍රිය පුරාවට තියෙන්නට හැර උදෑසන සෝදා හරින්න. දිනපතා නින්දට පෙර දෑස් වලට මේ සත්කාරය ලබා දෙන්න. ආමන්ඩ් වල ඇති විටමින් E සමේ ආපැහැ වීම් අවමකර සම මෘදු කරවනවා.

03. මී පැණි

පිරිසිදු මි පැණි අවපැහැ ඇස් වටා ආලේප කර විනාඩි 15කින් සෝදා හරින්න. ඇස් වටා සම පෝෂණය කරමින් සමේ අඳුරු බව ඉවත් කරන අතරම සම මෘදු කරවනවා.


04. රෝස වතුර

රාත්‍රී නින්දට පෙර රෝස වතුර ස්වල්පයක් අඳුරු ඇස් වටා ආලේප කරන්න. රෝස වතුර සමේ සෛල ශක්තිමත් කිරීම සහ ප්‍රතිඔක්සිකාරකයක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේම සම පැහැපත් කරමින් අඳුරු කවයන් ඉවත් කිරීමට උපකාර කරනවා.

05. බේකින් සෝඩා

බේකින් සෝඩා තේ හැඳි එකකට උණු වතුර ස්වල්පයක් එක් කර ඇස් වටා ආලේප කරන්න. විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. සම පැහැපත් කරන්න තියෙන හොඳ විසඳුමක් බේකින් සෝඩා.

06. පාස්ලි සහ යෝගට්

පාසලි කොළ මිටක් සහ යෝගට් තේ හැඳි 2ක් හොඳින් බ්ලෙන්ඩර් කර ඇස් වටා ආලේප කරන්න. විනාඩි 25කින් සෝදා ඉවත් කරන්න. සතියට දින තුනක් නැවත කිරීම ප්‍රමාණවත්. පාස්ලි වල ඇති බීටා කැරොටින්, විටමින් සී, ෆෝලික් අම්ලය සහ වෙනත් ඛනිජ සහ විටමින් සම පැහැපත් කරන්න උදවු වෙන පෝෂ්‍ය පදාර්ථයන්. ඒ මඟින් අවපැහැ ගැන්වුණු සම නැවත යතා තත්ත්වයට පත් කරනවා.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top