ඇප් ලෝකය ආක්‍රමණය කළ , ටික් ටොක් එකට ලෙඩක් වැටිලා...
Thursday, 10 October 2024 - 14:47 | Views - 631

අමෙරිකාවේ ප්‍රාන්ත 13ක සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ නීති නිලධාරීන් විසින් TikTok යෙදවුමට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ TikTok ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව හරහා තරුණයින්ට හානි සිදුවන බව සහ තරුණ ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වන බව පවසමින්.

ඊට අදාළව අමෙරිකාවේ නිව් යෝර්ක්, කැලිෆෝනියාවේ, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ තවත් ප්‍රාන්ත 11ක වෙන වෙනම නඩු ගොනු කර ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

ප්‍රාන්ත බලධාරී විසින් චෝදනා කරන්නේ TikTok විසින් තරුණයින් වීඩියෝ සඳහා ඇබ්බැහි කරවන මෘදුකාංගයක් භාවිතා කරන බවයි.

එමගින් තරුණ ප්‍රජාව හැකිතාක් දුරට සහ බොහෝ විට නැරඹීමට සහ එහි අන්තර්ගත මධ්‍යස්ථ කිරීමේ කාර්යක්ෂමතාවය වැරදි ලෙස නිරූපණය කරන බව ද ඔවුන් චෝදනා කරනවා.

එමෙන්ම "TikTok ආයතනික ලාභ ඉහළ නැංවීම සඳහා සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම වර්ධනය කරයි," යනුවෙන් කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි වාර්තා වන්නේ. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top