සඳත් fake වෙලා , අහලාම බලන්නකෝ ඒ කතාවත්..
Thursday, 10 October 2024 - 13:16 | Views - 562

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම කෘත්‍රිම සඳ මතුපිට නිර්මාණය කර ඇත්තේ, ජර්මනියේ කාලෝන් නුවර, ‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැවැන්ත අංගනයක් තුළ වීමත් විශේෂත්වයක්.

‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වර්ග මීටර් 700 ක ප්‍රදේශයක තුළ මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කර තිබෙනවා.

යමහල් පාෂාණ ටොන් 900 ක් කුඩු කරමින්, මෙම සඳ මතු පිට කෘත්‍රිම පෘෂ්ඨය නිර්මාණය කර ඇති අතර,

ජර්මනියේ අයිෆල් පළාතේ යමහල පාෂාණ, ඉතාලියේ එට්නා ගිනි කන්ද අවට යමහල් පාෂාණ සහ පස් සහ නෝර්වේ රාජ්‍යයෙන් එකතු කරගත් යමහල් පාෂාණ මෙම කෘත්‍රිම සඳ නිර්මාණයට යොදා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එසේම,මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කිරීමට මූලික වශයෙන් දායක වී ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ ආයතනය යි.

‘එසා’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන යුරෝපා අභ්‍යවකාශ ආයතනය යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවා ඇති අතර, ඊට අමතරව, අමෙරිකාවේ නාසා ආයතනය ද මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණයට සම්බන්ධ වී ඇති බවද සඳහන් වනවා. 

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top