සුර්වන්නන් ට හොඳ ඖෂධීය පානයක්...
Wednesday, 09 October 2024 - 10:28 | Views - 688
මේ කියන්නේ යන්නේ සිරුරේ විෂ නැති කරන කොළ කැඳක් ගැන.
මේක මත් වතුර බොන අයට හොඳ ඖෂධීය පානයක්...
සාදා ගන්නා ආකාරය...
හොඳින් සෝදා ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් මිටක් වතුර කෝප්ප 02ක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා පොඩි කරගන්න.
එයට,
අන්නාසි ගොබ මිටක්.
පොල් මිටක්.
දමා කොටා වතුර දමා මිරිකා ගත් ඉස්ම බෝතල් 1/2ක් ඉහත කී කැඳට දමන්න.
එයටම,
කරපිංචා කිණිති 04ක්
රම්පා කෑල්ලක්
සූදුරු ඇට 10ක්
උළුහාල් ඇට 10ක්
කහකුඩු ස්වල්පයක්
රතුළූණු ගෙඩි 02ක්
සුදු හඳුන් කුඩු ස්වල්පයක්
හොඳට අඹරා වතුර කෝප්ප 1/2ට දියකර පෙරා කැඳට දමා බුබුළු දමා පැසෙන තෙක් පැසවා ලිපෙන් බා නිවුණු පසු බීමට ගන්න. ලුණු රස බලා දමන්න.
මෙහි ගුණ,
. පිළිස්සුන රෝගීන්ට
. විෂ ශරීර ගත වී ඇති අයට
. පිත් රෝග නිසා ඇස් දැවිල්ලට
. බඩේ දැවිල්ලට
. විෂ ශරීර ගත වීම නිසා බඩේ දැවිල්ලට
. මත් වතුර බීමෙන් ඇතිවන අක්මාවේ ඉදිමුමට
. අක්මාවේ දුර්වලකමට
. අක්මාවේ මේදය ඇතිවීමට (ෆැටි ලිවර්)
උපුටා ගැනීමක්..
Share This Article