විල්මෝර් හා සුනීතා රැගෙන ඒමට යළිත් යානයක් පිටත්ව යයි
Monday, 30 September 2024 - 9:52 | Views - 920

දින අටක අත්හදා බැලීමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් යළි පැමිණීමට නොහැකිවූ බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් රැගෙන ඒමට ගගන යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.


නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ඒ සඳහා ඊයේ(29) අභ්‍යවකාශ ගත කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් මෙම යානය දියත් කිරීමට නියමිතව තිබුණේ, පසුගිය බ්‍රහස්පතින්දා වන අතර, ෆ්ලොරිඩාවට බලපෑ හෙලන් සුළි කුණාටුව හේතුවෙන් එය ඊයේ දක්වා කල් දැමුණා.

පසුගිය ජුනි 06 වනදා විල්මෝර් හා සුනීතා රැගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශය මධ්‍යස්ථානයට බෝයිං ස්ටාර් ලයිනර් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිව් වතාවක් පමණ පෘථිවියට පැමිණීම ප්‍රමාද වූ අතර, ආරක්ෂක හේතුන් මත මිනිසුන් රහිතව පසුගියදා යළි පෘථිවියට ගෙන්වා ගනු ලැබුවා.

ඒ අනුව, ඊයේ පිටත්වූ යානය විල්මෝර් හා සුනීතා රැගෙන ලබන වසරේ පෙබරවාරියේදී පෘථිවියට පැමිණිමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ...
Hiru Tv Blog
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම්...
Hiru Tv Blog
හැම කෙනෙක්ගේම සිරුරේ වේදනා ඇතිවෙන එක...
Hiru Tv Blog
ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ.  අපි...
Hiru Tv Blog
කැස්ස, පෙනහළු සෞඛ්‍යය සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
ඔවුන් දෙදෙනාගේ විවාහයේ තවත් බොහෝ සුන්දර දසුන් ගණනාවක් මේ වෙද්දී සමාජමාධ්‍ය...
Hiru Tv Blog
පියුමාලි එදිරිසිංහ.. දැක්කගමන් කාගේ හිත් නෙත් වසඟයට ගන්න පියුමාලිගේ අපූරු ඡායාරූප...
Hiru Tv Blog
කාලෙකට පස්සේ ඔන්න ඇය ආයෙත් කරලියට ඇවිත්, ඇය කවදටත් වඩා එදා නම් ලස්සනයි..  ඇය...
Hiru Tv Blog
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට...
Hiru Tv Blog
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම...
Hiru Tv Blog
ඔහු මේ වගේ බොහෝ දේ කරන්න ගොඩක් වෙහෙස වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top