සිවිල් ගගනගාමීන්ගෙන් අභ්‍යවකාශ තරණයේ නව වාර්තාවක්..
Monday, 16 September 2024 - 9:46 | Views - 861

ලොව ප්‍රථම වාණිජ ගමන සිදුකරමින් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබූ ස්පේස් එක්ස් පොලාරිස් ඩෝන් කාර්ය මණ්ඩලයේ ගගනගාමීන් හතර දෙනා රැගත් යානය යළි පෘථිවියට පැමිණ තිබෙනවා.

පෘථිවි වායුගෝලයට ඇතුළු වූ ඩ්‍රැගන් කැප්සියුලය සෙල්සියස් අංශක 1,900 උෂ්ණත්වයට ළඟා වෙමින් පැයට කිලෝමීටර 27,000 පමණ වේගයෙන් පැමිණ පැරිෂුටයක් මගින් ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයට පතිත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව මුල්ම සිවිල් ගගනගාමීන් හතර දෙනා රැගත් මෙම අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ වූයේ පසුගිය අඟහරුවාදා දිනයේයි.

ඔවුන් පෘථිවිය වටා පවතින ඉහළම කක්ෂයට ළඟා වෙමින් නාසා ආයතනය මීට පෙර තැබූ වාර්තාවක් ද අභිබවා ගොස් තිබෙනවා.

එමෙන්ම අභ්‍යවකාශයේ සිය පළමු ඉතිහාසගත ආහාර වේල ලබාගත් ඔවුන්, ලොව පළමු වාණිජ අභ්‍යවකාශයේ ඇවිද යමින් නව වාර්තාවක් ද පිහිටුවීමට සමත්වුණා. 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top