රුසියාවේ ඔත්තුකරු බෙලූගා මියයයි..?
Monday, 02 September 2024 - 9:57 | Views - 587

රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

ව්ලැඩිමීර් ලෙස නම් කළ මෙම සත්වයාගේ සිරුර නිරිතදිග රිසාවිකා නගරාසන්න මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර, පරීක්ෂණ සඳහා වරායට ගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මීට වසර පහකට පෙර ''සාන්ත පීටර්ස්බර්ග් උපකරණ'' යනුවෙන් සඳහන් කර ඇති පටිවලට සවි කර ඇති කැමරාවක් සමඟින් වයස අවුරුදු 15ක තල්මසා ප්‍රථම වරට නෝර්වීජියානු මුහුදේ දී දැක තිබුණා.

මෙම සත්වයා ඔත්තු සේවයේ යොදවා ඇති බවට එවක ප්‍රචාර වූවත් , රුසියාව ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.

වසර ගණනක් මෙම සත්වයා නිරීක්ෂණය කළ මැරයින් මයින්ඩ් නම් සංවිධානය තල්මස් සිරුර සොයාගෙන තිබූ අතර, මරණීය තුවාලද දක්නට නොමැති බවයි ඔවුන් පවසන්නේ.

අවුරුදු 60ක් පමණ ජීවත්වන බෙලූගා වර්ගයේ තල්මසුන් දිගින් අඩි පහේ සිට 15 ක් පමණ විය හැකි අතර, කිලෝග්‍රෑම් 1500 කට ආසන්න බරකින් යුක්තයි. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top