සාගරයක් හා සමාන ජල ධාරිතාවයක් , අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ..
Tuesday, 13 August 2024 - 15:32 | Views - 618
අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ සාගරයක් හා සමාන ජල ධාරිතාවයක් තිබූ බවට අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, 2018 සිට 2022 දක්වා කාලය තුළ අඟහරු මත පර්යේෂණවල නිරත වූ ඉන්සයිට් ලෑන්ඩරයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

පාෂාණමය ග්‍රහලෝකවල පරිණාමය විමර්ශනය කිරීමේ අරමුණින් inSight Lander නම් රොබෝ යානය අඟහරු ග්‍රහයා වෙත යවනු ලැබුවේ 2018 වසරේදී යි.

මෙම රොබෝ යානයට භූ කම්පන මාපකයක් ද අන්තර්ගත අතර එමගින් අඟහරු ග්‍රහයාගේ භූමිකම්පා 1,319කට වැඩි සංඛ්‍යාවක දත්ත එකතු කර ගැනීමට හැකිවී තිබෙනවා.

එම භූ කම්පන නම් කර ඇත්තේ MARSQUAKE ලෙසයි.

2022 වසරේදී inSight මෙහෙයුම අවසන් වූ අතර එහි දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ සාගරයක් හා සමාන ධාරිතාවයක ජලය තිබූ බවට අනාවරණ කරගෙන තිබෙනවා.

අඟහරුගේ ධ්‍රැව ආශ්‍රිතව අයිස් සහ වායුගෝලයේ වාෂ්ප පිළිබඳ සාක්ෂි පවතින නමුත් එහි ද්‍රව ජලය තිබූ බවට සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

පෘථිවියේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා යොදාගන්නා තාක්ෂණය භාවිතයෙන් අඟහරුගේ ද භූ කම්පන තරංග ගමන් කරන්නේ කුමන මාධ්‍යයක් හරහා ද යන්න පසුව විශ්ලේෂණය කර තිබෙනවා.

අඟහරුගේ මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10 ත් 20 ත් අතර ගැඹුරකින් තිබූ බව අනාවරණය කරගන්නේ ඒ අනුවයි.

කෙසේවෙතත් වසර බිලියන 03ක පමණ කාලයක් කාන්තාරයක් බවට පත්ව ඇති අඟහරු ග්‍රහයා තුළ පැවැති ජලයට සිදුවූ දේ පිළිබඳව ඉදිරියේදී අනාවරණය කර ගැනීමට නියමිතයි.

අඟහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ රැලි සහිත හැඩ මගින් එහි ගංඟා සහ විල් තිබූ බවට අනුමාන කෙරෙනවා.

අඟහරු ග්‍රහයාට එහි වායුගෝලය අහිමි වූයේ කුමන ආකාරයෙන් ද යන්නත් ගැටලුව වී තිබෙන අතර වායුගෝලය අහිමි වීම යනු ජලයේ අවසානය බවයි
විද්‍යාඥයින් නිගමනය කරන්නේ.  




Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top