නින්ද ගැන අනාවරණය වූ අමුතුම පැහැදිලි කිරීම..
Thursday, 08 August 2024 - 12:16 | Views - 705

සුවබර නින්දක් සඳහා නින්දේ ස්වස්ථතාවය ඉතාම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ පවසනවා.

සුවබර නින්දක් සඳහා අවශ්‍ය වන යහපත් පුරුදු හඳුනාගැනීම නින්දේ ස්වස්ථතාවය ලෙස සලකනු ලබනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළා.

වර්තමානයේ නවීන තාක්ෂණයත් සමග වැඩි වේලාවක් විදුලි පහන් දල්වා සිටීමටද, ඩිජිටල් තිර ආදිය භාවිතය හේතුවෙන් නින්දට බලපෑමක් වන පරිදි බොහෝ දෙනා අවදිවී සිටීමට හුරුවී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය පවසනවා.

ස්වභාවිකව හිරු උදාව හා හිරු බැසීම ආශ්‍රිතව පැවති නින්දේ රටාව වෙනස් වීමත් සමග එය පුද්ගලයාගේ සෞඛ්‍යයට ද වර්තමානයේ බලපෑම් එල්ල කළ බව පරීක්ෂණ වලින් ද තහවුරු වී තිබෙනවා.

මෙරට නින්ද සම්බන්ධව සිදුකර ඇති සීමිත පරීක්ෂණ දත්ත අනූව වයස අවුරුද්දක් දක්වා වන දරුවන් 25%ක් අතර නින්ද සම්බන්ධව යම් ගැටලු පවතින බවද, වැඩිහිටි සහ තරුණ වියේ පසුවන්නන්ගේද නින්දේ ගැටලු පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.

එසේම, නින්දෙහි මූලිකාංග ලෙස නිදාගන්නා වෙලාව, නිදාගන්න ස්ථානය, නිදාගන්න විදිහ, වටපිටාව සහ කොතරම් වේලාවක් නිදාගත යුතුද යන්න බලපාන බවද සඳහන්.

දරුවෙකුට නින්දෙහි ඇති වැදගත්කම පෙන්වාදුන් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, නින්දේදී දරුවෙකුගේ වර්ධක හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වන අතර එය දරුවාගේ වර්ධනයට ඉවහල් වන බවයි.

එමෙන්ම ශාරීරික සහ මානසික විඩාව නිවීමටද, දෛනික ආතතීන් සමනය වීමට, ගැඹුරු මතකය දියුණු වීමට හා ශාරීරික හා මානසික සෞඛ්‍ය සඳහා නින්ද ඉතා වැදගත් වනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top