ගිනියම නිවන දිව ඔසුවක්..
Monday, 29 July 2024 - 8:59 | Views - 405
මුළු ලෝකයම කතාකරන පෝෂණ ගුණයෙන් අනූන, බොහෝ ලෙඩරෝගවලට ගුණදෙන පෝෂණීය ධාන්‍ය වර්ගයක් තමයි මේ..

ඇත්තටම අපි නිතර දකින මුං ඇට කෝප්පය මේ විදිහට සුපිරි පෙලේ ආහාරයක් වුණේ කොහොමද? මෙන්න මේ හේතු නිසා තමයි මුං ඇට මේ තරම් වටින්නේ..

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කෙනෙකුගේ ශරීරය තුළ පවතින පිත දෝෂයේ අධිකකම (ඌෂ්ණාධික කම) පැහැදිලිවම ඒ පුද්ගලයාගේ රෝගී භාවය, නීරෝගී භාවය කෙරෙහි බලපානවා..

කාන්තාවකගේ ශරීරයේ බොහෝ ගැටළු වලට හේතු වන්නෙත් මෙන්න මේ ශරීරයේ පවතින ගිනියම හෙවත් ඌෂ්ණාධිකකමයි.. මේ සිරුරේ ගිනියම නිසා ආර්තව ගැටළු, අකලට හිසකෙස් යාම, චර්ම රෝග, අක්ෂි රෝග, මුත්‍රා දැවිල්ල, ශරීරයේ දාහ ගතිය, ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, අම්ල පිත්තය, ශ්වේත ප්‍රදර හෙවත් සුදයාම ආදිය පමණක් නෙවෙයි පැලෝපීය නාලය තුළ දරුවකු බිහිවීමේ ක්‍රියාවලියටද (සංසේවන ක්‍රියාවලියට) දැඩි ලෙස බලපෑම් ඇතිකරනවා.. අපේ බොහෝ කාන්තාවන් දරුවන් නොමැතිව දුක් විඳින්නට මෙය ප්‍රධානම හේතුවක්..

ඉතින් මෙම බාධාවන් මඟහැර දරු පැටියෙකු උපද්දවා ගැනීමට නම් කාන්තාවන්ගේ මෙම ගර්භාෂය ආශ්‍රිත කලාපය සිසිල් කළ යුතු වෙනවා.. ඒ සඳහා ආයුර්වේදය සහ දේශීය වෙදකම තුළ රහස් වට්ටෝරු රැසක් ඇතත් අපට එදිනෙදා පහසුවෙන් භාවිතා කළ හැකි ප්‍රධානම රහස් වට්ටොරුවක් තමයි මෙන්න මේ මුං ඇට සහ මුං ඇට තැම්බූ වතුර..

කාන්තා පිරිමි හැමදෙනාටම පොදුවේ ශරීරයේ ඇති උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා මුං ඇට සහ මුං ඇට තැම්බූ වතුර දිනපතාම වුවත් පානය සුදුසුයි.. නමුත් ශරීරයේ සෙම් බහුල අයෙකු නම් සතියකට වතාවක් පමණක් එය පානය කළ යුතුයි..

මුං ඇට තම්බපු වතුර නිවැරැදිව පිළියෙල කරගන්නේ කොහොමද..?

මුං ඇට හුණ්ඩු එකක් පුරා රැයක් වතුරේ දමන්න. පසුදා එම වතුර පෙරා නොගෙනම තම්බන්න. තවත් වතුර කෝප්පයක් එයට එකතු කරන්න. සුදුළූණු බික් 02 ක් සහ ලුණු ස්වල්පයක් දමන්න. හොඳින් තැම්බුනු පසුව වතුර ටික වෙනම පෙරාගන්න. මද උණුසුම් පිටම පානය කරන්න.

ඔබට අවශ්‍ය නම් මුං ඇට ටික කන්නත් පුළුවන්. එහෙම නැත්නම් තම්බාගත් මුං ඇට මේස හැඳි 02 ක් මී පැණි මේස හැඳි 01 ක් සමඟ මිශ්‍රකර තලපයක් සාදා මුහුණේ ගල්වාගෙන පැහැපත් සමක් උරුම කරගන්නත් පුළුවන්.

මෙහිදී ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේ එක් කරුණක් නිසාවෙන් බව මතක තබා ගන්න... මුං ඇට පානය කිරීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන්නේ ඒවාට විවිධ කෘමිනාශක වල්නාශක ආදිය බහුල ලෙස භාවිතා කරන නිසාවෙනි.. අප මෙහිදී ඔබව දැනුවත් කර සිටින්නේ ඉතා විශ්වාසයදායි තැනකින් හෝ කාබනිකව සොයා සපයාගත් මුං ඇට ආහාරයට එක්කර ගන්නා ලෙසයි..

 
Share This Article
Hiru Tv Blog
නොදැනුවත්වම අමු බිත්තර ආහාරයට ගන්නා බව...
Hiru Tv Blog
ලංකාවේ වෙසෙන සියලුම දෙන පාහේ මේ රසවත් කෑම...
Hiru Tv Blog
මෙරට ජනගහනයෙන් බොහෝ පිරිසක් කුමන හෝ මුඛ...
Hiru Tv Blog
ඔබටත් වාහනවල යනවිට හිසරදය , වමනය ඇතිවෙනවානම්...
Hiru Tv Blog
බෝ නොවන රෝග නිසා පීඩාවට පත්වන ජනතාව බොහෝමයි.....
Hiru Tv Blog
සංජානා ගමාරච්චි, මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ඇගේ විවාහය ගැන..  පළමු දවසේ ලස්සන...
Hiru Tv Blog
ඇත්තෙන්ම දුටුවන්ගේ ඇස් වසඟයට ගන්නා රුවක් හිමි කාන්තාවක්.. අශිකා මතසිංහ, පුංචි...
Hiru Tv Blog
ඔවුන්ගේ විවාහ ජීවිතය ගැන ඇතමුන් විවිධ කතා කිව්වත්, ඔවුන් දෙදෙනාම ඒ තීරණය ඇතුළේ...
Hiru Tv Blog
Thursday, 20 February 2025
Hiru Tv Blog 6,096 Views
ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම...
Hiru Tv Blog
අම්බලන්තොට - රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට...
Hiru Tv Blog
සත්ව හුවමාරු ජාතික වැඩ සටහන යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top