ඔබ දකින සිහිනයේ සැබෑ අර්ථය මෙන්න
Tuesday, 11 April 2017 - 16:59 | Views - 14,373

අපි දකින සමහර සිහිනවලින් ජීවිතය ගැන කියවෙන විවිධ රහස් තියෙනවා. සිහින පලාපල ගැන අවධානය යොමු කරන අයට මේ ලිපිය වැදගත් වේවි.
01. සිහිනෙන් දත් වැටෙනවා දුටුවොත්
මේ සිහිනය බොහෝවිට දකින්නේ තමන්ගේ පෙනුම ගැන වැඩියෙන් සිතන චරිතයක් නිසයි. ඔබේ පෙනුම නිසා ඔබ අන් අයගෙන් ප්රෙතික්ෂේප වෙයි කියා සිතනවා. ඒ නිසා අන් අයගේ අදහස් ගැන දැඩි බියකින් ඔබ පසුවෙනවා. ඒ මානසික පීඩන තත්වය නිසා ඔබට මෙවැනි සිහින පේනවා.
02. සිහිනයෙන් පිරිසක් අතර නිරුවත්ව සිටිනවා දුටුවොත්
මෙවැනි සිහින පෙනෙන අය සමාජයේ අනෙක් අයත් සමඟ එකට කටයුතු කිරීමට බියක් දක්වනවා. එහෙම වෙන්නේ තමන්ට තමන් ගැනම විශ්වාසයක් නොමැතිවු විටදියි. තමන්ගේ දුර්වලතා අනුන් දැනගනිවී කියලා බියවෙන මොවුන් නිතරන ඉන්නේ සිතේ බියකින්. ඒකයි මෙවැනි හීන පෙන්නේ.
03. සිහිනෙන් යම් භයානක දෙයක් ලුහුබැඳගෙන එනවා දුටුවොත්
යම් බරපතල ගැටළුවකට මුහුණදි සිටින පුද්ගලයින් මෙවැනි සිහින දැකීමේ ප්‍රවණතාවක් පවතී. එම ගැටළුවෙන් නිදහස් වීමට ඔබට ඇති දැඩි අවශ්‍යතාවය මෙම සිහිනයෙන් පෙන්නුම් කරයි.
04. සිහිනෙන් ඔබ පරීක්ෂණයකින් අසමත් වෙනවා දුටුවොත්
මෙවැනි සිහින දුටුවම තමාගේ ජීවිතය ගැන වැඩි අවධානයක් යොමු කල යුතුය. ඔබ යම් කාර්යයක් සිදුකිරීමට යාමේදී ඇතිවන බිය හා තමන් ගැන ඇති අවිශ්වාසය නිසා මෙවැනි සිහින දකියි.
05. සිහිනෙන් ඔබ වැසිකිලියක් සොයාගන්න බැරිව කලබලයෙන් සිටිනවා දුටුවොත්
මෙවැනි සිහින දකින පුද්ගලයන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට පෙර අනෙක් අයගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට වෙහෙසෙයි. එමනිසා තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින බැවින් මේ ආකාරයේ සිහින දකියි.
06. සිහිනයෙන් ඔබ ඇද වැටෙනවා දුටුවොත්
මේ ආකාරයේ සිහින තුලින් බොහෝවිට පිළිඹිබුවන්නේ ඔබ යම් දෙයක් පිළිබඳව අවිශ්වාසයෙන් හෝ පසුතැවීමකින් සිටින බවයි. නමුත් ඒ සිහිනයේ ඔබ සිටියේ ප්‍රීතියෙන් නම් එයින් අදහස් වෙන්නේ ඔබ ජීවිතයේ එන ප්‍රශ්ණවලට සතුටින් මුහුණ දෙමින් දිවි ගෙවන බවයි.
07. සිහිනෙන් ඔබ ලිංගික සබඳතාවක් පවත්වනවා දුටුවොත්
මේ ආකාරයේ සිහිනයදී ඔබ සිටියේ සතුටින් නම් එයින් පැහැදිලිවන්නේ ඔබ තමන් ගැන හා ඔබේ සහකරුවා පිළිබඳව සතුටින් සිටින බවයි. නමුත් එම අවස්ථාවේ ඔබ සිටියේ බියකින් හෝ කිසිඳු හැඟීමකින් තොරවනම් එයින් අදහස්වන්නේ ඔබ තමන්ගේ පෙනුම ගැන හා ඔබේ සහකරුවා පිළිබඳවද පැහැදීමකින් නොසිටින බවයි.
08. සිහිනෙන් ඔබ මෝටර් රථයක් පදවාගෙන යනවා දුටුවොත්
සිහිනයෙන් ඔබ මෝටර් රථය පදවාගෙන යනවා දුටුවොත් එයින් අදහස් වෙන්නේ ඔබ ජීවිතයට සාර්ථකව හා සතුටින් මුහුණ දෙන බවයි. නමුත් ඔබ ඉදිරියේ මෝටර් රථයක් තිබියදී එය පදවා නොයන්නේනම් එයින් පැහැදිලිවන්නේ ඔබ ප්‍රශ්නවලින් පැන යමින් තමන් ජීවත්වන තත්වය පිළිබඳවද අසතුටින් සිටින බවයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article