හැමෝම කාලා නැති මඩු ගොබවල ඖෂධීය ගුණ...
බඩවැටි, ඕවිටි, කැලෑ ඇතුලෙත් ස්වභාවිකවම වැවෙන මීවන කුලයට අයත් ශාකයක්.
ඖෂධීය වටිනාකම ඉතා ඉහලයි.මඩු දල්ල බරු ගස් වල වගේම හකරැල්ලෙක් ආකාරයෙන් ඉහලට නැවිල කැරකිලා හිටිනවා.
දළු මෝරනකොට කොළ දිගහැරිල පොල් අත්‍තක් ආකාරයෙන් පිහිටනවා. මෙහි අවුරුද්දේ එක් කාලයක ගෙඩි හටගන්නවා.
අද මඩූගස් යොදාගන්නෙ බොහෝකොටම උත්සව අවස්ථාවල සැරසිලි වලට විතරයි.
ඒ හැර ඖෂධීය වටිනාකමක් බොහෝ දෙනා දන්නෙ නැහැ. නමුත් මේ මඩු දළු ලියුකේමියා රෝගයෙදිත්, ඩෙංගු රක්තපාත අවස්ථාවේදීත් අඩුවන රතු රුධිරානු මට්ටම ඉහල දැමීමට සමත් ශාකයක්. ඊට අමතරව ඇටමිදුලු සහ රුධිර පට්ටිකා වර්ධනයටත් උපකාරී වෙනවා.ඒ වගේම ආතරයිටීස් රෝගයටත්,ඔස්ටියෝපොරෝසිස් ආදී රෝගීන් මඩු දළු ආහාරයට එකතු කරගැනීම ඉතා ගුණයි.මස් මාංශ වලින් ශරීරයට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයටත් වඩා අධික ප්‍රෝටීන් ප්‍රාමාණයක් මඩුදළු වලින් ලැබෙන නිසා නිර්මාංශ අයටත් බොහොම වැදගත්.මඩු දළු සාමන්‍ය කැරං කොකු,බරු කොකු ව්‍යාංජනය සකස් කරන ආකාරයට සාදා ආහාරයට ගත හැකියි.තරමක් උෂ්ණඅධික වුවත් මඩු ගෙඩිත් ආහාරයට ගන්නවා.මඩු ගෙඩියෙන් සාදාගන්නා මඩු පිටි වලින් පිට්ටු,රොටී වැනි ආහාර සාදාගතහැකයි.ඒ වගේම මඩු ගෙඩි තම්බල කෑලි වලට කපල සාමාන්‍ය ව්‍යංජනයක් ආකාරයටත්,හීන් වෙන්න ලියාගෙන තෙල් ටිකක දාල තෙම්පරාදුවක් ආකාරයටත් සකස් කරල ආහාරයට ගන්න පුළුවන්.ඒවගේම ආහාර ජීර්ණ පද්ධතිය කරා ආහාර ජීරණට අවශ්‍ය එන්සයිම නිසි ආකාරයට එන්නෙ නැත්නම් ඒවා යථා තත්වයට පත් කිරීමේ හැකියාවක් මඩු ගෙඩිවල තියෙනව. ඒවගේම මාංශ පේශීවල බැඳීම ශක්තිමත් කරන විශේෂ ගුණයක් මඩු ගෙඩිවල තියෙනවා.හන්දිපත් වේදනා, වාත වේදනා ආදියටත් දිව ඔසුවක්.
