පෘතුවියේ දෙවැනි සඳ ගැන හෙළිදරව්වක්..
Tuesday, 30 April 2024 - 9:25 | Views - 666
පෘථිවියේ ‘දෙවන චන්ද්‍රයා’ ලෙස විද්‍යාඥයන් හඳුන්වනු ලබන ‘Kamo’oalewa’ නමැති ග්‍රාහකය චන්ද්‍රයාගෙන්ම පැමිණි එකක් බවට තහවුරු වී තිබෙනවා.

පරිගණක ආකෘති භාවිතයෙන් මෙම නිගමනයට එළැඹ ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එහි මුල් ආරම්භය චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටය ලෙසට අනාවරණ වී ඇති බව සඳහන්.

‘Kamo’oalewa’ සූර්යයා වටා කක්ෂගත විය යුතු වුව ද එය පෘථිවිය වටා සමමුහුර්තව කක්ෂගත වන බව විද්‍යාඥයන් විසින් අනාවරණ කරගනු ලැබුවා.

ඒ හේතුවෙන් එය තවත් චන්ද්‍රයෙක් නැතිනම් පෘථිවියේ දෙවැනි සඳ ලෙස නම් කිරීමටයි ඔවුන් කටයුතු කළේ.

පෘථිවියට ආසන්න ග්‍රහක රැසක් පවතින අතර ඉන් එකක් වන ‘කමෝ‘ඔඇලෙව’ Kamo’oalewa – හඳුනාගන තිබුණේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි අඟහරුගේ සහ බ්‍රහස්පතිගේ කක්ෂ අතර ඇති ප්‍රධාන ග්‍රහක පටියෙන් පැමිණෙනවා.

කෙසේ වෙතත්, මෙම ග්‍රහකය පැමිණ ඇත්තේ චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටයෙන් බවයි Nature Astronomy හි මේ සතියේ පළ වූ පර්යේෂණ පත්‍රිකාවක දැක්වෙන්නේ.

පර්යේෂකයන් පවසන්නේ මීට වසර මිලියනයක් සහ මිලියන 10 කට පෙර සැතපුම් එකක (කිලෝමීටර 1.6 ක්) විශ්කම්භයකින් යුත් ග්‍රහකයක් සඳ මත ගැටීම හේතුවෙන්, Giordano Bruno ආවාටය සහ අපේ දෙවැනි සඳ නිර්මාණය වී ඇති බවයි.

සැතපුම් 14ක් (කිලෝමීටර් 22ක්) පළලින් යුත් ආවාටයක්, Giordano Bruno ආවාටය සඳ මතුපිට ඇති විශාල ම සහ තරුණම ආවාටයක් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙම ග්‍රහාකය Kamo’oalewa, 2016 HO3 ලෙසට ද හඳුන්වනු ලබනවා. එහි අර්ථය හවායි භාෂාවෙන් “දෝලනය වන ආකාශ වස්තුව” යන්නයි.

ලිබර්ටි ප්‍රතිමාවේ විශාලත්වය තරම්, එනම් අඩි 130 සිට 330 දක්වා (මීටර් 40 සිට 100 දක්වා) අතර දිගකින් යුක්ත වනවා.

එය 2016 දී හවායි හි පිහිටි දුරේක්ෂ මාලාවක් වන Pan-STARRS විසින් පෘථිවියට ලඟ ග්‍රහක NEA සෙවීමේ වැඩ සටහන යටතේ සොයා ගැනීමට හැකි වූ බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

දැනට NEAs හෙවත් පෘථිවියට ලඟ ග්‍රහක 250,000ක් පමණ හමුව ඇති බව වැඩිදුරටත් සඳහන්. 



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top