නිරෝගීව ඉන්න ගෙදරදීම හදාගන්න පුලුවන් බීම වර්ග 11ක්
Monday, 10 April 2017 - 16:47 | Views - 22,099
සිරුරට අහිතකර කෘතිම බීම වර්ග පානයෙන් වැළකී අපේ රටේ ගහකොළවල වැවෙන මල්, කොළ, ගෙඩිවලින් සැකසූ පාන වර්ග වලින් ඔබගේ මුදල් ඉතිරියත්, ශරීරයේ ප්‍රතිශක්තිය හා රෝග සුව කර ගැනීම හා පෝෂණ වර්ග හා විටමින් වර්ග රාශියක් ලබාගැනීමටත් හැකිවන ගෙදරිදීම හදාගන්න පුළුවන් බීම වර්ග 11ක් ගැන තමයි මේ කියන්න යන්නේ.

01. අමු අඹ බීම



අමු අඹවල පොතු ඉවත් කර කැබලිවලට කපා ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කර පෙරා අවශ්‍ය පමණ වතුර දමා සීනි, ලුණු, ගම්මිරිස් කුඩු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර රුචිය ඇති කරයි.
              සිරුරේ දැවිල්ල නැති කරයි.
              දියවැඩියා රෝගීන්ට සීනි නැතිව බීම ගුණයි.

02. බෙලි බීම



ඉදුණු බෙලිවල ඇට ඉවත් කර එයට සීනි අවශ්‍ය නම් එළකිරි එක්කර බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ලුණු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – මල බද්ධය නැති කරයි
              සිරුරේ දැවිල්ල, පිපාසය නැති කරයි.
               ග්‍රහනි, අන්ත්‍ර රෝගවලට හිතකරයි.


03. සියඹලා බීම



හොදින් ඉදුණු සියඹලා සෝදා ඇට ඉවත් කර හොඳින් පොඩිකර අවශ්‍ය පමණ වතුර දමා පෙරාගෙන ලුණු, සීනි හා කුරුදු කුඩු ස්වල්පයක් දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාරවල යකඩ හොදින් සිරුරට අවශෝෂණය කරයි.
              ආහාර රුචිය වඩවයි.
              පිපාසය දාහය නැති කරයි.

04. කාමරංකා බීම



හොදින් පැසුණු කාමරංගා ගෙඩිගෙන දාර ඉවත් කර කැබලිවලට කපා බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා ගෙන සීනි, ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – උණට සිරුරේ දැවිල්ලට හිතකරයි.
              පිපාසයට අග්‍ර ඖෂධයකි
              කෑම අරුචියට, බඩගින්න අඩුකමට හිතකරයි.


05. වෙරළු බීම



හොදට ඉදුණු වෙරළු හොඳින් පොඩිකර ඇට ඉවත් කර වතුර දමා පෙරා දෙහි, ලුණු, සීනි එක්කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර රුචිය ඇති කරයි.
              දියවැඩියා රෝගීන්ට සීනි නොමැතිව බීම සුදුසුය.
              අක්මා, අමාශ රෝගවලට හිතකරයි.


06. පේර බීම



පේර මදය බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා ගෙන දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර අරුචිය නැති කරයි.
              රක්තවාතයට හිතකරයි.
              හෘද රෝගවලටද හිතකරයි.


07. අනෝදා බීම



හොදින් ඉදුණු අනෝදා ගෙඩියේ පොතු හා ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි, ලුණු, දෙහි ඇඹුල් දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – මල බද්ධය නැති කරයි.
              සිරුරේ දැවිල්ල, පිපාසය අඩු කරයි.
              අධි රුධිර පීඩන හා හෘද රෝගීන්ට හිතකරයි.

08. කොමඩු බීම



කොමඩු වල පොතු ඉවත් කර ඇට ඇතිව හෝ නැතිව හොදින් බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා සීනි, ලුණු, දෙහි යුෂ දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – වකුගඩු රෝගීන්ට ඉතාමත් ගුණ බීමකි
              ශරීර දාහය, පිපාසය නැති කරයි.
              මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිරිසිදු කිරීම හා මුත්‍රා ගල් ඇති රෝගවලට හිතකරයි.

09. ඉදුණු වරකා බීම



වරකා මදුළු ඇට ඉවත් කර කැබලි කපා වතුර දමා හොදින් බ්ලෙන්ඩ් කර ක්‍රීම් එකක්වූ විට අවශ්‍ය පමණට වතුර දමා සීනි, ලුණු හා අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ශරීර ශක්තිය ඇති කරවයි.
              සිරුරේ දැවිල්ල, පිපාසය නැති කරයි.

10. කෝමාරිකා බීම



කෝමාරිකා පිත්තක් ගෙන කොළපැහැති පිට පොත්ත හොදින් ඉවත් කර ජෙලි වැනි කොටස හොදින් සෝදා කැබලිවලට කපා බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි, ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – අම්ල පිත්ත (ගෑස්ට්‍රයිටීස්) වලට ඉතා ගුණයි.
              ශරීර දාහය පිපාසය නැති කරයි.
              උණට, මුත්‍රා නොයාමට, අත්මා රෝගවලට හිතකරයි.

11. වදමල් බීම



රතු පොකුරු වදමල්වලට උණුවතුර දමා ගත්විට එම මල් සුදු පැහැවන විට ඉවත් කර එම ජලය නිවාගෙන හෝ රස්නයෙන් පානය කළ හැක. මෙම ජලය නිවා ශීතකරණයේ තබා අවශ්‍ය විටෙක සීනි, ලුණු දමා අවශ්‍ය පමණට දෙහි යුෂද දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – රත්පිත් හා අම්ල පිත්ත රෝග (ගෑස්ට්‍රයිටීස්) වලට හිතකරයි.
              ළදරුවන්ගේ රතරෝග, බිබිලි හා සමේ රෝගවලට ගුණදායකයි.




- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top