ලොවක් බලා සිටි ඒ මොහොත , කැමරා කාචයට හසු වූ හැටි.. (Photos)
Tuesday, 09 April 2024 - 10:58 | Views - 703

මේ වසරේ පළමු සූර්යග්රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.. ඒ, පූර්ණ සූර්යග්රහණයක් ලෙසින් සිදුවෙන බවයි මේ පිළිබඳ පූර්ව දැනුම්දීම්වලදී පවසා තිබුනේ..කෙසේ වෙතත්, ශ්රී ලංකාවාසීන්ට එය දැකි ගැනීමට නොහැකි අතර බටහිර යුරෝපය, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාවේ උතුරු කොටසට, පැසිෆික්, අත්ලාන්තික් සහ ආක්ටික් යන කලාපවල පිහිටි රටවලට මෙය හොඳින් නිරීක්ෂණය වුණා..අමෙරිකාවට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (08) දිස්වූ පූර්ණ සුර්යග්රහණය මිලියන ගණනක ජනතාවක් නරඹා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා..මේ වසරේ, පළමු සූර්යග්රහණය වන මෙය නාසා ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ සජීවිව විකාශය කර තිබෙනවා.යුරෝපා රටවල් කිහිපයකටද මෙම සූර්යග්රහණය දිස්වූයේ අර්ධ සූර්යග්රහණයක් ලෙසයි...මෙක්සිකෝවේ මැසල්ටන් වෙරළාශ්රීත නගරයට ඉතා පැහැදිලිව සූර්යග්රහණය දිස් වූයේ මිනිත්තු කිහිපයකට දහවල් රැය බවට පරිවර්තනය වෙමින්..මෙක්සිකෝ ජනාධිපති අන්ද්රෝස් ලෝපේස් සූර්යග්රහණය නරඹා තිබෙනවා..අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ සහ නිව්යෝක් වැසියන්ට සූර්යග්රහණය පැහැදිලිව දිස්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.අමෙරිකානුවන්ට මින්පසු මෙවැනි පූර්ණ සුර්යග්රහණයක් දිස්වන්නේ 2044 වසරේදීයි.. මේ ඊයේ(08) අමෙරිකාවට පුර්ණ සූර්ය ග්රහණය දුර්ලබ ලෙස දැකගත හැකිවූ ආකාරයයි..









Share This Article